රෝස රොබෝසියා

සිනිදු මල්පෙති තුරුල් කරගන

ගිලිහි යන්නට පෙරාතුව 

නෙත් අගට කදුලු පුරවන්

නිදි වරපු රෑ මැද්දෙ 

හැඩුවා රෝස රොබෝසියා 

තනිකම පුරෝගන

හීන මවන් සුවද විදින්න 

සිපගත්තා කටුරෝස

සිහින් පෙති එතරම් සිනිදුදැයි

නොදන්නා නිසා

කටුරෝස හිනැහෙද්දි

හීන ගුලි කරන් 

අන්දර යාය අයිනෙ 

විසිරුණු පෙති මත 

පණ අයදිනවා 

රුදුරු හීන වල 

අයාලේ මියදෙද්දි

Comments