Posts

Showing posts from August, 2023

තනිමංකඩ..

රෑ අදුරට එදා.. දෑස් පියාගෙන  නුඹ එක්ක පියමං කළ මා මියැදුණු ආත්ම රැසක්  ලග ඉකිබිදිනවා තනිපංගලමේ පතිදමට දෙව්ලොව වඩින්න  නුඹ එක්ක පෙරුම් පුරපු හැටි මතකයි තාමත්... තනිව මගතොට ගමන්  නොයන ලෙස කීවෙ  වහවැටේවිලු පිරිමි පරාන.. තනි හිත නුහුලන වේදනා අද දුටු සැනෙන් මා මරහඩ  ලතෝනි හැඩුම්... උඹෙ ලෙයින් එලිය දකින්න   වෙරදරපු පුතා උඹෙ හැරදැමුවට  නැලවෙනවා තාමත් මගෙ උකුලෙ ලතාවට.. ඇදිවත හදාගන්න  දරුවා බලාගන්න කීව ම දුවනවා බිම නොබල ම.. අද නුඹ නොආවට පිලිකුලෙන් මා ලගට.. නුඹෙ ලයේ හොවාන හිස පිරිමැද්දා මතකද නුඹ දුරස් වෙන තරමට හිතින් නුඹ ළග දැවටෙන්න ආසයි... ඒත්.................. මහන්සි දැන් දුටුවොතින් මෝහිනී  කියා දුවන උඹෙන්.. කෙසේ පතම් ද  ආදරයක්.. K.S.M.Dulasha Premarathne  2023/08/22

නික්ම යාම..

මහ එකාගේ හේමලයා පෙනිලා ඇඩුවා හීන්දෑරි එකා  ඉකිගගහ  යනවා තාමත් සවස්ජාමෙට  තනි එකාගෙ මහ හෙවනැලි ගෙට ගත්ත බත් ටික  පිනට කනකොට වැව්මැද්දේ දෙයියන්ට පේලියට යාදිනි ඉම කොනේ දිවුල්ගස් උදේයාමට  කලු උලපු මහ පරාල පානමංකඩ බිදුනුකලේ විසුරුණු කටු ගියා දියේ උඩ යට කපට නොදැකපු දිවුල් කන්ට  මහඑකාගේ පෙරේතකම හිතන්නති ඌ මෝරපු මගෙ එකා මහ දිවුලක් කියල ඉපිලුණු නහරවැල් සීතලයි දැන් පාරමී පිරුව නම් රත්වෙලා පඩුපුලත්  මහ හෝසෙට පුරපන් නිවන් මේ අබුද්දස්ස ලෝකයෙන් නික්ම යන්ට.. K.S.M.Dulasha Premarathne  2023/08/22

මමයි නුඹෙ කාලි..

හිත් දෙකක අතරමං වුණු  ඔබ මත්තෙම පෙම් බදින මා දැවෙනවා තවත් අපෙ නමට ම  ලියනු නොහැකි ව අතරමං වු නුඹෙ හිත අද්දර හැකි ය සන්තක කරගන්ට චන්ඩ බල මවා පා ගැහැනියකි මමද දිය නොහැක ඇය හට සෝ සුසුම් නුඹෙ මුදු මොලොක්.. ස්පර්ශය පවා පිහිටවයි මා සිසිලසක බය වුණිද මා හට  ආල වඩන්නට  නොකරමි නුඹට අකැපක් කරමි නුඹට සිතින් ප්‍රේම කිම්ද...................... නුඹ ඇයගේ නිසා සොහොන් ගානෙ  තනිපංගලමෙ හිටියට හිතට දුකයි කෝපයෙ ගිනිදැල්  දැවෙන නිසා වෙරදරමි නික්මෙන්ට  උඩුගම් බලා නැවතෙනවා තවත්  නුඹෙ නමට ඇති ප්‍රේමය නිසා චන්ඩයි මා වරෙක අසාධාරණ අයුක්තිය කරා නමුදු....................... ඇත ප්‍රේමය නුඹෙ නමට  මේ හදවත ම පුරා වයිරයේ චන්ඩමාරුතය  පසෙකලන හැම මොහොතෙම අසාධාරණයේ කන්නලව් මැද  නොහැක මා හට  ඉන්ට  වැරදීද මා දැන් කියනු මැන  ප්‍රේමයෙ ගිනිදැල් මැද දැවෙන මමයි නුඹෙ කාලි ශිවා K.S.M.Dulasha Premarathne  21:52 2023/08/22