මමයි නුඹෙ කාලි..
හිත් දෙකක අතරමං වුණු
ඔබ මත්තෙම
පෙම් බදින මා
දැවෙනවා තවත්
අපෙ නමට ම
ලියනු නොහැකි ව
අතරමං වු නුඹෙ හිත අද්දර
හැකි ය සන්තක කරගන්ට
චන්ඩ බල මවා පා
ගැහැනියකි මමද
දිය නොහැක ඇය හට සෝ සුසුම්
නුඹෙ මුදු මොලොක්..
ස්පර්ශය පවා
පිහිටවයි මා සිසිලසක
බය වුණිද මා හට
ආල වඩන්නට
නොකරමි නුඹට අකැපක්
කරමි නුඹට සිතින් ප්‍රේම
කිම්ද......................
නුඹ ඇයගේ නිසා
සොහොන් ගානෙ
තනිපංගලමෙ හිටියට
හිතට දුකයි
කෝපයෙ ගිනිදැල්
දැවෙන නිසා
වෙරදරමි නික්මෙන්ට
උඩුගම් බලා
නැවතෙනවා තවත්
නුඹෙ නමට ඇති ප්‍රේමය නිසා
චන්ඩයි මා වරෙක
අසාධාරණ අයුක්තිය කරා
නමුදු.......................
ඇත ප්‍රේමය නුඹෙ නමට
මේ හදවත ම පුරා
වයිරයේ චන්ඩමාරුතය
පසෙකලන හැම මොහොතෙම
අසාධාරණයේ කන්නලව් මැද
නොහැක මා හට
ඉන්ට
වැරදීද මා දැන් කියනු මැන
ප්‍රේමයෙ ගිනිදැල් මැද
දැවෙන මමයි නුඹෙ කාලි ශිවා
K.S.M.Dulasha Premarathne
21:52
2023/08/22
❤❤
ReplyDelete♥️
ReplyDelete❤️
ReplyDelete