Posts

Showing posts from September, 2023

රෝස රොබෝසියා

සිනිදු මල්පෙති තුරුල් කරගන ගිලිහි යන්නට පෙරාතුව  නෙත් අගට කදුලු පුරවන් නිදි වරපු රෑ මැද්දෙ  හැඩුවා රෝස රොබෝසියා  තනිකම පුරෝගන හීන මවන් සුවද විදින්න  සිපගත්තා කටුරෝස සිහින් පෙති එතරම් සිනිදුදැයි නොදන්නා නිසා කටුරෝස හිනැහෙද්දි හීන ගුලි කරන්  අන්දර යාය අයිනෙ  විසිරුණු පෙති මත  පණ අයදිනවා  රුදුරු හීන වල  අයාලේ මියදෙද්දි