නික්ම යාම..
මහ එකාගේ හේමලයා පෙනිලා
ඇඩුවා හීන්දෑරි එකා
ඉකිගගහ
යනවා තාමත් සවස්ජාමෙට
තනි එකාගෙ මහ හෙවනැලි
ගෙට ගත්ත බත් ටික
පිනට කනකොට
වැව්මැද්දේ දෙයියන්ට
පේලියට යාදිනි
ඉම කොනේ දිවුල්ගස්
උදේයාමට
කලු උලපු මහ පරාල
පානමංකඩ
බිදුනුකලේ විසුරුණු කටු
ගියා දියේ උඩ යට
කපට නොදැකපු දිවුල් කන්ට
මහඑකාගේ පෙරේතකම
හිතන්නති ඌ
මෝරපු මගෙ එකා
මහ දිවුලක් කියල
ඉපිලුණු නහරවැල්
සීතලයි දැන්
පාරමී පිරුව නම්
රත්වෙලා පඩුපුලත්
මහ හෝසෙට
පුරපන් නිවන්
මේ අබුද්දස්ස ලෝකයෙන්
නික්ම යන්ට..
K.S.M.Dulasha Premarathne
2023/08/22
💯
ReplyDelete