තනිමංකඩ..



රෑ අදුරට එදා..

දෑස් පියාගෙන 

නුඹ එක්ක පියමං කළ මා මියැදුණු ආත්ම රැසක් 

ලග ඉකිබිදිනවා තනිපංගලමේ

පතිදමට දෙව්ලොව වඩින්න 

නුඹ එක්ක පෙරුම් පුරපු හැටි

මතකයි තාමත්...

තනිව මගතොට ගමන් 

නොයන ලෙස කීවෙ 

වහවැටේවිලු පිරිමි පරාන..

තනි හිත නුහුලන වේදනා අද

දුටු සැනෙන් මා මරහඩ 

ලතෝනි හැඩුම්...

උඹෙ ලෙයින් එලිය දකින්න 

 වෙරදරපු පුතා උඹෙ

හැරදැමුවට 

නැලවෙනවා තාමත් මගෙ උකුලෙ ලතාවට..

ඇදිවත හදාගන්න 

දරුවා බලාගන්න කීව ම

දුවනවා බිම නොබල ම..

අද නුඹ නොආවට

පිලිකුලෙන් මා ලගට..

නුඹෙ ලයේ හොවාන

හිස පිරිමැද්දා මතකද

නුඹ දුරස් වෙන තරමට

හිතින් නුඹ ළග දැවටෙන්න ආසයි...

ඒත්..................

මහන්සි දැන්

දුටුවොතින් මෝහිනී 

කියා දුවන උඹෙන්..

කෙසේ පතම් ද 

ආදරයක්..

K.S.M.Dulasha Premarathne 

2023/08/22

Comments